Sunday, February 16, 2014

ශ්‍රි ලංකාවේ දියඇලි



සානුවක ‍හෝ උස්බිමක නෙත්තියෙන් පහළට ඇදහැළෙන ජල ධාරාවක් දිය ඇල්ල යනුවෙන් හැඳින්වේ. ලොකු උසක සිට පතිතවන විට ප්‍රමාණයෙන් විශාල එකක් නම් එය දහර ඇල්ලකි.ඇල්ලක් නිර්මාණය වීමට නම් ගල් සහිත උස් භූමියක් ඔස්සේ ලොකු ජලකඳක් පහලට ගලා යායුතුය. එම ගලන මග වඩා බෑවුම් සහිත වෙත්ම එහි වේගය ද වැඩිවේ.භූමි නිර්මාණය අනුව පොළොවේ යම් යම් ස්ථාන ගල් සහිත උස් බිම් සහ සානු සේ නැගී සිටී.එවන් භුමි ඔස්සේ ගැලූ දිය දහර උස් බිමේ හෝ සානුවේ ගැටියට පැමිණි විට එක්වරම පහල භූමිය වෙත කඩා හැලේ. මෙම ජලධාරාවේ ඉස්මත්තට තද වැහි ලැබෙන විට ඇල්ල ජලයෙන් පිරීයයි.ඉස්මත්ත හරස් කොට බැම්මක් බැඳි විට හෝ එම පෙදෙසට වැස්ස අඩු වු විට ඇල්ල සිහින් වෙයි.කාලයාගේ ඇවෑමෙන් භූමියේ සිදුවන විපර්යාස නිසා ඇල්ල පිහිටි ස්ථානය වෙනස් වී යාහැකිය.ගඟ හෝ ඔයවෙනත් දිශාවකට යොමු වී ගැලීම හෝ එයට ජලය ලැබීම නතර වුවහොත් ඇල්ල වියලී යයි.
බඹර කන්ද ඇල්ල


මෙය ශ්‍රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දි‍යඇල්ලයි.උස මී‍ටර් 265කි.බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත.කොළඹ - බණ්ඩාරවෙළ පා‍රේ කළුපහන හන්දියේ සිට වීරකෝන්ගම පාරේ සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇත.
දියළුම ඇල්ල
ලංකාවේ ඇති උසින් දෙවන තැන ගන්නා දිය ඇල්ලවේ.ශ්‍රී ලංකාවේ උසම දියඇළි දෙකම පිහිටා ඇත්තේ සුන්දර හපුතලේ කඳු අතරින්ය. උස මීටර් 220කි.බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ කොස්ලන්ද නගරයට නුදුරින් වැල්ලවාය පාරේ පිහිටා ඇත.මෙම ඇල්ල හා සබැඳි ජනප්‍රවාද කිහිපයකි.ඉතා ඈත කාලයේ කුලවත් තරුණයෙක් හා කුල හීන තරුණියක් පිළිබඳව ශෝකාන්තමය පෙම් පුවත ඉන් ප්‍රධාන වේ.
ලක්ෂපාන ඇල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහි‍ටා ඇත.උස මීටර් 125කි.සමනළ කන්දෙන් ඇරඹී ‍කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි.දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්‍රවාදයේ ඇත.එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ.

 ඩන්සිනන් ඇල්ල(පුඩළුඔය ඇල්ල)
ශ්‍රී ලංකාවේ, මධ්‍යම පලාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පූඩළුඔය-නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර දෙකහමාරක් පමණ ගිය පසු මෙම මනරම් ඩන්සිනන් දිය ඇල්ල හමුවේ. කොටස් දෙකක් වශයෙන් ගලා හැලෙන මෙහි මුළු උස අඩි 328(මීටර 100) පමණ වේ
ඇබර්ඩින් ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 100 පමණ වේ.කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.
ඩෙවෝන් ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 97 පමණ වේ. මෙම ඇල්ල නර්මාණය කරන්නේ කොත්මලේ ඔය විසිණි.එඩ්වඩ්බාන්ස් නම් ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා 1823 දී ගන්නොරුව ප්‍රදේශයෙන් මෙරට කෝපි වගාව ආරම්භකළ සමයේ එංගලන්තයේ ඩෙවෝන්ෂයර් හි සිට ලංකාවට පැමිණි ඔහුගේ හිතවතකු වැවු ඩෙවෝන් නම් කෝපි වතු යාය අසල මෙම ඇල්ල පිහිටා ඇත.මෙනිසා මෙම නම ලැබුණි.
ශාන්ත ක්ලෙයාර් ඇල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 80 පමණ වේ.කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ.මෙම ප්‍රදේශයේ විසු ඉංග්‍රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ‍ජෙනි‍ෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත.
දුන්හිඳ ඇල්ල
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මීටර් 63 පමණ උසය.බදුලු ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.කඳුමුදුනේ සිට පහලට වැටෙන ජල බිඳු ගල් කුලවල හැපි වාතය සමග මුසුව මීදුමක් සේ විසිරෙන බැවින් මී‍ට ,දුම්හිඳ නම ලැබුණු බවත් පසුව කටවහරේ දී දුන්හිඳ ‍ලෙස නම ලැබුණු බවත් පැවසේ.කාලයාගේ ඇවෑමෙන් සිදු වු භූ ගෝලීය විපර්යාසයක් නිසා හෝ බදුලු ඔයේ ගමන් මග වෙනස්වී‍ම තුළ මෙම ඇල්ල නිර්මාණය වන්නට ඇත.
රාවණා ඇල්ල
බදුල්ල දිස්ත්‍රින්නයේ පිහිටා ඇත.උස කිලෝමීටර් 49 පමණ වේ.රාවණා ඇල්ල හා බල්ලාකටුව යන නමින් හැඳින්වෙන කුඩා නදියෙන් මෙම ඇල්ල නිර්මාණය වේ.ඇල්ල වැල්ලවාය මාර්ගයේ උඩුහාවර ගම්මානයේ මෙම ඇල්ල පිහිටා ඇත.
දුවිලි ඇල්ල
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 39 පමණ වේ.පළල් දියඇල්ලකි.දුවිලි ඇල නම් කුඩා ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.පහළට ඇදවැටීමේදී සියුම් දුවිල්ලක් හෝ මීදුමක් මෙන් ජල බිඳිති විසිරයාමත් සිදුවන නිසා මෙම නම ලැබී ඇත.බලංගොඩ නගරයේ සිට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා ඇත.
බෝපත් ඇල්ල
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 30 පමණ වේ.දුර සිට බැලු විට බෝකොළයක දළ හැඩයෙන් පෙනෙන නිසා මෙයට මෙම නම ලැබී ඇත.කුරු ගඟ මෙම ඇල්ල නිර්මාණය කර‍යි.
බේකස් ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්ය.උස ‍මීටර් 20 පමණ වේ.බෙලිහුල් ඔයේ ශාකාවකින් ‍නිර්මාණය වේ.නුවරඑළියේ සැමුවෙල් බේකර් නම් ඉංග්‍රිසි ජාතිකයෙකු මෙය සොයාගෙන ඇත.

කිතුල්ගල ඇල්ල
කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල නගරයට නුදුරැව මෙය පිහිටා ඇත.උස මිටර් 15කි.උනාලු කන්දේන් පටන්ගෙන කැළණි ගඟට එක්වන ගරන්කිති ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.කිතුල්ගලට සමීප බැවින් මේ නමින් හැඳින්වේ.

මානාවෙල ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 23කි.මානාවෙල ඔය හා බුවැලිපොළ ඔය යන නම්වලින් හැඳින්වෙන ඔයවල්වලින් මේ ඇල්ල නිර්මාණය වේ.
 ඒල්ජින් ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් උස මීටර් 25කි.දඹගස්තලාව ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඒල්ජින් නම ලැබුනේ අසල තේ වත්තක නම හෙයිනි.තලවකැලේ බදුල්ල දුමිරිය මාර්ගයේ යන විට මේ ඇල්ල දර්ශනය වේ .
 ගැරඬි ඇල්ල
රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 46කි.ජලය හිඟ කාලයට දුර සිට බැලුවිට මේ ඇල්ල පෙනේන්නේ බෑවුම් ගල් තලාවක් දිගේ පහළට බහින ගැරඬියෙකු ලෙසනි.
 නානු ඔය ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 60ක් පමණි.නානු ඔයේන් මෙම දිය ඇල්ල නිර්මාණය වේ මෙහි විශේෂත්වය නම් හෙල්මළු හෙවත් ලියදි සහිත බෑවුමක් ඔස්සේ ගලාහැලෙන බැවිනි
යකා ඇඬු ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත මීටර් 61ක් පමණ උසය.බුදුන්වහන්සේ ශ්‍රි පාද ලාංඡනය පිහිටු විම සඳහා සමනල කන්දට වැඩි අවස්ථාවේ මේ ජල දහරාව ඇරඹෙන ස්ථානයේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක් අසතුටට පත්ව හඬාවැටුනු නිසා ඊට මෙම නම ලැබි ඇත.
නවරත්තන ඇල්ල
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වේ .උස මීටර් 110කි.වෙලන්ගල්ල නමින් හැඳින්වෙන කන්දෙන් ආරම්භ වී මහවැලි ගඟට එක්වෙන හසළක ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.මේ ඇල්ලට මෙම නම ලැබි ඇත්තේ මැණික් වර්ග නවයක් සහිත රන් සෙම්බු කිහිපයක් ඇතුළත් පැරණි රාජනිධානයක් මේ ඇල්ල අසළ ඇතැයි යන විශ්වාසය නිසයි.
මාපනාන ඇල්ල
රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත එළිඔයෙන් මෙම ඇල්ල නිර්මාණය කරයි.ඇල්ල හාත්පස මාපනාන ,මාවනාන යන නම් වලින් විශාල තේ වතු යායක් ඇත.
කුරුදු ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත .උස මීටර් 206කි.කුරුදු ඔයෙන් නිර්මාණය වේ.නුවරඑළිය නගරෙයේ සිට කිලෝමීටර් 30 පමණක් දුරකින් පිහිටා ඇත.කුරුදු ඔය බෑවුම් බිමක් ඔස්සේ වේගයෙන් පැමිණ ඇල්ල සාදමින් පහළ ගැඹුරු ද්‍රෝණිකාවකට කඩා හැලේ.
මනං ඇල්ල
රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කොළඹ රත්නපුර මාර්ගයේ ඇහැලිය ගොඩ පසු කර රත්නපුර දෙසට යනවිට කිලෝමීටර 1 1/2 පමන යනවිට රත්නපුර පනදුර මාර්ගයට පිවිසිය හැකි පිවිසුම් මාර්ගයක් හමුවේ එම මාර්ගයේ කුරුගම්මොදර දෙසට කිලෝමීටර 4 යනවිට ඉහල කන්ද ග්‍රාමය හමුවේ එම ඉහල කන්ද ග්‍රාමය කුරුදු තානායම ඉදිරියෙන් අති මාර්ගයේ ගියවිට ඉහල කන්ද වතු යායෙන් මෙමෙ සුන්දර දිය ඇල්ලට පිවිසිය හැක




මේ ශ්‍රි ලංකා රැජිනියගේ ලස්සන වලින් ටිකක් විතරයි.
තවත් තොරතුරු ඉදිරි පිටු වලින් 



Monday, February 10, 2014

ප්‍රධාන ගංඟා

ගඟ
මධ්‍යම ප්‍රෙද්ශයේ උස් බිම් වලින් සමන්විත විම සහ ඒ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබිම යන යන කරුන නිසා ලංකාවේ ගංගා මධ්‍යම කදුකරයේ සිට රොදයක නාඩියේ සිට ගරාධි විහිදෙන්නා සේ හැම දිශාවකටම විහිදි යයි. මධ්‍යම කදුකරය පර්වත සහිත විම සහ එහි ශිඝ්‍ර බැවුම් තිබිම නිසා මෙම ගංගා ඉහල කොටස් වලදි තරමක් වේගයෙන් ගලා බසියි. තවද වැසි සහිත කාල වල බෙහෙවින් ජලය ලබන මේවා ගල් පස් සොදාගෙනවිත් තම ගමන් මගද ගැඹුරද පුලුල් කර ගනි.

ගංඟා ලැයිස්තුව
1    මහවැලි ගඟ
 කැළණි ගඟ
3  කලු ගඟ
 වලවේ ගඟ
5  බෙන්තර ගඟ
6  අඹන් ගඟ
7  නිල්වලා ගඟ
 ගිං ගඟ
9  මැණික් ගඟ

ශ්‍රි ලංකාවේ ගංඟා සිතියම


මහවැලි ගඟ
ශ්‍රි ලංකාවේ දිගම ගඟයි රත්නපුර දිස්ත්‍රික්කයේ සමනොල කදු වැටියෙන් ආරම්භවන මහවැලි ගඟ කිලෝ මිටර් 340 ක් දිගින් යුක්තයි. වාර්ෂිකව මහවැලි ගඟෙන් මුහුදට ඇදි යන ජලස්කන්ධය අක්කර අඩි 640000 ක් පමණ වෙතැයි මතයක් පවති. මහවැලි ගඟ ගිරිතලේ පරාක්‍රම සමුද්‍රය හා සොරබොර වැව හා පැරණි වැව් කිහිපයක් පොෂණය කරනු ලබයි. පැරණි පොත් පත් වල මහවැලි ගඟ හදුන්වනු ලද්දේ මහ කනදරා නදිය සහ මහා ගංඟා යන නමිනි 

කැළණි ගඟ
ශ්‍රි ලංකාවේ පුජනියත්වයක් ආරෝපනය වි ඇති ප්‍රධාන ගඟකි. සමනොල කදු වැටියෙන් ආරම්භ වි කොළඹ නගරයට උතුරින් පිහිටි කාක දියින අසලින් මුහුදට වැටෙයි එහි ජල වහන ප්‍රෙද්ශ වර්ග කිලෝ මිටර් 2690 ක් වේ වාර්ෂික ගඟට ලැබෙන ජලස්කන්ධය අක්කර අඩි 70190000 ක් පමණ වන අතර එයින් මුහුදට යන්නේ 64% ක් පමණි. මෙරට ජල විදුලිය නිපදවිම සදහා කලක සිටම බෙහෙවින් දායක වි ඇති ගංඟාව මෙයයි. නිතර නිතර ජල ගැලිම් වලට ප්‍රසිද්ධ ගංඟාවකි.
කලු ගඟ
කලු ගඟ රත්නපුර දිස්ත්‍රිකිකයට අයත් සමනල අඩවියේ ඉදිකටු පාන අසලින් ආරම්භ වි කලුතර දිස්ත්‍රිකිකය හරහා මුහුදට වැටෙයි. ජල වහන ප්‍රෙද්ශයේ විශාලත්වය හා වාර්ෂිකව ලබන ජලස්කන්ධය අතුරින් දෙවැනි වන්නේ මහවැලි ගඟට පමණි. කලු ගඟේ ජල වහන ප්‍රෙද්ශයේ විශාලත්වය වර්ග කිලෝ මිටර් 2690 කි.  ගංඟා ධාරයට වාර්ෂිකව ලැබෙන වැසි ජල  ප්‍රමාණය අක්කර අඩි 962500 කි . වාර්ෂිකව මුහුදට ගලා යන ජලස්කන්ධය අක්කර අඩි 616000 කි. කලු ගඟ දරුණු ජල ගැලිම් සම්බන්ධව නරක ප්‍රසිද්ධියක් උසුලයි



වලවේ ගඟ
සමනළ අඩවියෙන් ආරම්භ වී ගලා විත් අම්බලන්තොටින් මුහුදට වැටෙයි.වලවේ ගඟ හරහා උඩවලව ජලාශය ඉදිකර ඇත. ලංකාවේ ප්‍රධාන ගංඟා වලින් එකකි.දිග කිලෝමිටර් 137ක් පමණ වේ.වලවේ ගඟ හරහා උඩවලව ජලාශය ඉදි කර ඇත


බෙන්තරගඟ
දකුණු පළාත සහ බස්නාහිර පළාත වෙන් කෙරෙන සිමාව සේ සැළකෙන්නේ බෙන්කර ගඟයි.දිග කිලෝමිටර් 72 කි.මෙහි අවට ප්‍රදේශය සංචාරක ව්‍යාපාරය සදහා ඉතා දියුණු තත්ත්වයක පවතී.

අඹන් ගඟ
අඔන් ගග මහවැලි ගංගාවේ පහළ කොටසේදී එයට එක් වන ප්‍රධාන අතු ගංගාවයි.ආරම්භ වන්නේ නාලන්ද සහ මාතලේ කදු වලිනි.වේගයෙන් ගලන ගඟක් නොවේ.එහි ගමන් මග වංගු සහිතයි.මෙහි පහළ කොටසේ කුඩා වැලි දුපත් ඇත.


නිල්වලා ගඟ
සිංහරාජ කදු වැටියේ දකුණු පසින් පිහිටි ගොන්ගල කන්දෙන් ගලන ජල ධාරාවන්ගෙන් නිල්වලා ගඟ ආරම්භ වෙයි.දිග කිලෝමිටර් 81ක් වේ.නිල්වලා ගගේ ජලවහන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 960 ට අයත්ය.

ගිං ගඟ
රත්නපුර දිස්ත්‍රිකයේ මාතර දිස්ත්‍රිකයත් අතර මායිමේ පිහිටි මිටර් 1400 පමණ උසයි .ගොන්ගල නැමති කන්දෙන් ගිං ගඟ ආරම්භ වේ.ගමන් මගේ මුලු දුර ක්ලෝමිටර් 113 ක් පමණ වේ.

මැණික් ගග
ඌව පළාතේ කදු වැටිවල දකුණු බෑවුමෙන් ආරම්භ වි රැහුණු වනෝද්‍යානය හරහා ගොස් යාල නම් ස්ථානය හරහා මුහුදට වැටේ.දිග කිලෝම්ටර් 114 කි.මැණික් ගග අසබඩ පිහිටි කතරගම පුදබිම නිසා එය පුජනීයත්වයට පත් වී ඇත.අවුරැද්දේ 








Sunday, February 2, 2014

වනාන්තර

විවිධාකාර වූ භෞතික, දේශගුණික සහ වෙනත් එවැනි සාධක නිසා ශ‍්‍රී ලංකාව පුරා පවතින වනාන්තරද විවිධාකාර වෙනවා. ශ‍්‍රී ලංකාවේ වනාන්තර පහත දැක්වෙන පරිදි  වර්ගීකරණය කළ හැකිය.

01. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර
02. කඳුකර වනාන්තර
03. උප කඳුකර වනාන්තර
04. තෙත් මෝසම් වනාන්තර
05. වියළි මෝසම් වනාන්තර
06. ගංගාධාර ආශ‍්‍රිත වනාන්තර
07.කඩොලාන වනාන්තර
08. ලඳු කැළෑ

නිවර්තන තෙත් සදාහරිත වනාන්තර (පතහරට වැසි වනාන්තර)

                                                                                                    

















              වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2500 කට වඩා වැඩි මුහුදු මට්ටමේ සිට උස මීටර් 1000 ක් පමණ උස් වූ වියළි කාලගුණයක් රහිත ප‍්‍රදේශ වල වැවෙන වනාන්තර අයත් වන්නේ මෙම වර්ගයටයි.මෙම වනාන්තර පිහිටි ප‍්‍රදේශ වල සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25ට වඩා අඩුයි. සාපේක්ෂ ආර්ද්‍රතාවය 75% - 85% ක් වන අතර, පාංශු වර්ගය ද රතු, කහ පොඩිසොලක්, වෙනවා. ප‍්‍රධාන වශයෙන් පහත රටත් මැද රටත් ව්‍යාප්තව තිබූ මෙම වනාන්තර වතු භෝග වගාව සහ ජනාවාසකරණය නිසා විනාශ වෙමින් පවතිනවා. මෙම වනාන්තර වල ශාක විවිධ මට්ටම් වලට වැඩෙනු දකින්නට පුළුවනි. ස්ථරීභවනය පැහැදිලිව දක්නට ලැබෙන අතර ප‍්‍රධාන වශයෙන් ස්ථර 5 කට වෙන් කළ හැකියි. වඩාත්ම උස ශාක මීටර් 45 ක් තරම් උසට වැඩෙන අතර ඒවා තැනින් තැන දක්නට ලැබෙනවා. නෙරු ස්ථරයට පහළින් දැකිය හැක්කේ එකිනෙකට ඉතා ළඟින් පිහිටි තුරු මුදුන් සහිත මීටර් 30 ක් පමණ උසට වැඩෙන වියන් ස්ථරයයි. හැඩවක, කිරිහැඹිලිය, බටු නා, වැලිපින්න , මලබොඩ යන ශාක විශේෂ වියන් ස්ථරයේ දැක ගත හැකියි. වියන් ස්ථරයට පහළින් තිබෙන්නේ යටි වියනයි. ඊටත් පහළින් පඳුරු ස්ථරයක් ද පිහිටා තිබෙනවා. අවසාන වශයෙන් අකාෂ්ඨිය පැළෑටි, පර්නාංග, පෙඳ, හා පාසි වලින් යුත් බිම් වැස්ම හෙවත් යටි වගාව දකින්නට පුළුවනි. මීට අමතරව උස ශාක මත වැඩෙන අපි ශාක ද ගස්වල එතී වැඩෙන වැල් වර්ග ද සුලභයි. ශාක සංගමයන් කිහිපයක් ම මෙම වනාන්තර තුළ දක්නට ලැබෙනවා. ශාක සංගමයක් වශයෙන් හඳුන්වන්නේ වනාන්තර තුළ වැඩෙන ශාක විශේෂ කිහිපයක එකතුවකි. ප‍්‍රධාන වශයෙන් දක්නට ලැබෙන ශාක සංගමයන් වන්නේ,1. හොර ශාක සංගමය2. බෙරලිය ශාක සංගමය3. ආරිද්ද ශාක සංගමය4. මිල්ල, දියපර, හැඩවක, වැලිපියන්ත ශාක සංගමයපහත රට වැසි වනාන්තර වලට වසර පුරා ලැබෙන අධික වර්ෂාපතනයත්, පවතින ප‍්‍රශස්ථ උෂ්ණත්ව පරාසයත් නිසා ශාක සහ සත්ව විශේෂ වලින් පොහොසත්ම, වැඩිම ජෛව විවිධත්වයක් දැකිය හැකි වනාන්තර වර්ගය වන්නේ එයයි. ජෛව විවිධත්වය අතින් වඩාත්ම වැදගත් සේම ජල පෝෂක ප‍්‍රදේශයන් ලෙසද මෙම වනාන්තර වැදගත් වෙනවා. කන්නෙලිය, විහාරකැලේ, නාකියාදෙනිය, සහ සිංහරාජ යන වනාන්තර මීට උදාහරණයි. ශ‍්‍රී ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 2.14% ක මෙම වනාන්තර වර්ගය පැතිරී තිබෙනවා.


කඳුකර වනාන්තර
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1800 කට වඩා වැඩියෙන් ලැබෙන මුහුදු මට්ටමින් මීටර් 1500 වඩා උස ප‍්‍රදේශ වල දක්නට ඇති කැලෑ, කදුකර වනාන්තර ලෙසින් නම් කරන්න පුළුවනි. මෙම ප‍්‍රදේශ වලට ජලය හිඟ කාලයක් දක්නට නොමැති අතර, සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15 ක් පමණ වෙනවා. මෙම වනාන්තර වර්ගයේ ප‍්‍රමුඛ ශාක උස මීටර් 10 – 15 ක් පමණ වන අතර කඳ සහ අතු ඇඹරුණු සහ ගැට සහිත ස්වරූපයක් පෙන්වයි. ගස් මුදුන් පැතලි වන අතර පත‍්‍ර සිහින්ය. පැහැදිලි ස්ථරීභවනයක් දක්නට නැහැ. වියන් ස්ථරයකුත් ඊට යටින් පිහිටි කුඩා ශාක සහිත පඳුරු ස්ථරයකුත් දකින්නට ලැබෙනවා. වියන් ස්ථරයේ බහුලව දකින්න ලැබෙන ශාක ලෙසින් තිත්ත වෙරළු, හොඳ වෙරළු, මහනවර, වල්සු, කීන, කුරුදු, මහරත්මල්, වැනි ශාක නම් කරන්න පුළුවනි. පඳුරු ස්ථරයේ දක්නට ලැබෙන ශාක ලෙසින් නෙලු, කටු උණ යන පඳුරු වර්ග සහ අපිශාක, ලයිකන සහ ඕකිඩ් වර්ග හඳුන්වන්න පුළුවනි.කඳුකර වනාන්තර විශාල ප‍්‍රමාණයක් තේ වැවීමත්. ඉන්පසු අර්තාපල් වැවීමත් සඳහා එළි කිරීම නිසා විනාශයට පත් වී තිබෙනවා. හග්ගල, පිදුරුතලාගල, කිකිලියාමාන, මීපිලිමාන වැනි ප‍්‍රදේශයන්හි පිහිටි වනාන්තර අයත් වන්නේ මෙම වර්ගයටයි. රටේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.05% ක් පමණ ප‍්‍රදේශයක මෙම වනාන්තර වර්ගය විහිදී විසිරී පවතිනවා.

උප කඳුකර වනාන්තර
                                                                                     මුහුදු මට්ටමින් මීටර් 1000
ත් 1500 ත් අතර පිහිටි වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1800 කට වඩා අඩුවෙන් ලැබෙන ප‍්‍රදේශ වල පැතිරී ඇති වනාන්තර අයත් වන්නේ මෙම වර්ගයටයි. මෙම ප‍්‍රදේශ වල සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15 – 20 ත් අතර වෙනවා. මෙම වනාන්තර ද වතු වගාව, එළවළු සහ අර්තාපල් වගාව සඳහා එළි කිරීම නිසා දැඩි ලෙස විනාශ මුඛයට පාත‍්‍ර වී තිබෙනවා. දිවයිනේ ප‍්‍රධාන ගංඟා කීපයක් පටන් ගන්නා ජල පෝෂක ප‍්‍රදේශය ලෙස සහ ජෛව විවිධත්වය අතින් මෙම වනාන්තර ඉතා වැදගත් ස්ථානයක් උසුලනවා. සමනළ කඳු වැටියේ ඇත්තේ උප කඳුකර වනාන්තර ලක්ෂණ වන අතර ශ‍්‍රී ලංකාවේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 1.04% ක් උප කඳුකර වනාන්තර වර්ගයට අයත් වෙනවා. ගුරුද, උබ්බේරිය, ගුරුකීන, සුදු කුඩුම්බේරිය, හන්පලන්ද, දුන් වර්ග, දොඹ වර්ග, බහුලව දක්නට ලැබෙන ශාක වර්ගයි.

තෙත් මෝසම් වනාන්තර
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1800 සිට 2500 ක් දක්වා සහ මුහුදු මට්ටමේ සිට උස මීටර් 1000 ට වඩා පහළ ප‍්‍රදේශ වල ඇති වනාන්තරයි මීට අයත් වෙන්නේ. ඉහළම වර්ෂාපතනය ඔක්තෝබර් සිට ජනවාරි මාස වලදී ලැබෙන අතර ඉන් පසු මාස 3 ක් කැපී පෙනෙන වියළි කාලයක් තිබෙනවා. බහුලව දක්නට ලැබෙන ශාක විශේෂ අතර වල් දෙල්, මිල්ල, පිහිඹිය, වෙලන්, මොර, හුලංහික්, වැනි ශාක අයත් වෙනවා.මෙම වනාන්තර වලින් වැඩි ප‍්‍රමාණයක් එළිකර ජනාවාස හා කෘෂිකාර්මික යෝජනා ක‍්‍රම සඳහා ප‍්‍රයෝජනයට ගෙන තිබෙනවා. කුරුණෑගල, මොණරාගල, ආදී ප‍්‍රදේශ වල මෙම වනාන්නතර දකින්න පුළුවනි. ශ‍්‍රී ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 3.68% ක් වැසී ඇත්තේ මෙම වනාන්තර වලිනි.

වියළි මෝසම් වනාන්තර
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1000 සිට 1800 ත් අතර සහ මුහුදු මට්ටමේ සිට උස මීටර් 6000 ට වඩා උස අඩු ප‍්‍රදේශ වල වැවෙන වනාන්තර වර්ගයි මීට අයත් වන්නේ. වැඩිම වර්ෂාපතනය ඔක්තෝබර් සහ ජනවාරි මාස වලදී ලැබෙන අතර මාස 3 සි 6 දක්වා කැපී පෙනෙන වියළි කාලයක් පවතිනවා. මෙහි කැපී පෙනෙන ස්ථරීභවනයක් දක්නට ලැබෙන්නේ නැහැ. වියන් ස්ථරය මීටර් 20 සිට 25 දක්වා උසින් පිහිටන අතර වියන් ස්ථරයෙන් මීටර් 3 ක් පමණ උසට අතරින් පතර වැඩෙන ශාක දකින්න පුළුවනි. වියන් ස්ථරයෙන් ඉහළට වැඩෙන පතනශීලී ශාක ලෙසින් බුරුත, මිල්ල, හල්මිල්ල, නම් කළ හැකියි. වීර, කළුවර, පලු, වෑවරණ වැනි ශාක වියන් ස්ථරයේ බහුලව දකින්නට ලැබෙන ශාකයි.මෙම වනාන්තර නොඉඳුල් වනාන්තර නොවන අතර අද දක්නට තිබෙන්නේ මීට වසර 400 – 500 කට පෙර එළි කිරීමෙන් අනතුරුව නැවත ඇති වූ වනාන්තරයි. මුළු බිම් ප‍්‍රමාණයෙන් 16.45% ක් පමණ වන මෙම වනාන්තර ජෛව විවිධත්වය හා ඒක දේශීයත්වය අතින් එතරම් වැදගත්කමක් පෙන්වන්නේ නැහැ. අපිශාක, පාසි, පර්නාංග, දකින්න ලැබෙන්නේ නැහැ. වටිනා දැව වර්ග ලබා ගැනීම පිණිස එළි කරන ලද මෙම වනාන්තර පිහිටි ප‍්‍රදේශ වල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නැවත වන වගා කර තිබෙනවා.


















ගංගාධාර වනාන්තර 


ගංඟාශ‍්‍රිතව පිටාර තැනි වල සහ ගංගා නිම්න වල විසිරී ඇති වනාන්තර ගංගාධාර වනාන්තරයි. බොහෝමයක් ගංගාධාර වනාන්තර මුහුදු මට්ටමින් මීටර් 600 වඩා උස අඩු හා වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000 ත් 1800 ත් අතර ප‍්‍රදේශ වලයි පැතිරී තිබෙන්නේ. කුඹුක්, මී, කොට්ටන්, ගැටුඹ, නා ආදී ආවේණික ශාක විශේෂ මෙහි දක්නට ලැබෙනවා.








කඩොලාන වනාන්තර
වෙරළාශ‍්‍රිත කළපු, ගංමෝය වල අන්තර් උදම් කලාපයේ වගුරු බිම් හි වැඩෙන අධික ලවණතාවයට අනුවර්තී සදාහරිත ශාක ප‍්‍රජාව හඳුන්වන්නේ කඩොලාන යනුවෙනි. පාරිසරික සහ ආර්ථික වශයෙන් වැදගත් මෙම කඩොලාන ප‍්‍රජාව ලංකාවේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 0.13% ක එනම්, හෙක්ටයාර 10,000 ක පමණ ප‍්‍රදේශයක පැතිරී පවතිනවා.කළපු, ගංමෝය වල වැලි ගොඩ දැමීම, ඉස්සන් කොටු තැනීම, කොරල්පර කැඩීම, අනවසර ලෙස ඉඩම් අල්ලාගෙන හෙළි කිරීම ආදිය නිසා මෙම වනාන්තර දැඩි ලෙස විනාශ වී තිබෙනවා මෙම පරිසර පද්ධතිය මඟින් වෙරළ ඛාදනයෙන් ආරක්ෂා කිරීම, කළපු ගංමෝය ඛාදනය වැළැක්වීම, මසුන් පක්ෂීන් හා වෙනත් බොහෝ ජලජ ජීවීන්ගේ ප‍්‍රජනනයට හා වර්ධනයට සුදුසු උපස්ථරයක් සැපයීම වැනි පාරිසරික වැදගත් රාශියක් මෙහි තිබෙනවා.කඩොලාන ශාක ප‍්‍රජාව, සත්‍ය කඩොලාන සහ ආශ‍්‍රිත කඩොලාන යන ශාක කාණ්ඩ දෙකකින් යුක්තයි.කයිරු මුල්, කරු මුල්, දණහිස් මුල්, ආදී මුල් වල දක්නට ලැබෙන විවිධ අනුවර්තනත් ශුෂ්ක රූපී අනුවර්තන ඇති පත‍්‍රත්, ජලාබුජ, ප‍්‍රරෝහණය සහිත බීජ හට ගැනීමත් කඩොලාන ශාක ප‍්‍රජාවක දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයි. ආශ‍්‍රිත කඩොලාන යන්නෙන් අදහස් කරන්නේ කඩොලාන ශාක සමගම වැඩෙන කඩොලාන නොවන අනෙකුත් ශාකයි.බහුලව දකින්න ලැබෙන සත්‍ය කඩොලාන ශාක විශේෂ ලෙසින් කඩොල්, කිරල, කෑරන්කොකු, මල් කාඩොල්, ගිං පොල්, තෙල, කටු ඉකිලි, හඳුන්වන්න පුළුවනි. වල් ගුරුඩ, ගොන් කදුරු, දිය වවුල් සහ මුදු කෙයියා බහුලව දකින්න ලැබෙන ආශ‍්‍රීත කඩොලාන ශාකයි.පාරිසරික වශයෙන් ඉතා වැදගත් කමක් උසුලන කඩොලාන ශාක ප‍්‍රජාව ආරක්ෂා කරගත යුතුව තිබෙනවා. ඒ අනුව 1991 දී කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර කඩොලාන ප‍්‍රදේශ 22 ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් සංරක්ෂණ වනාන්තර ලෙස කඩොලාන වනාන්තර 14 ක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.