01. නිවර්තන
තෙත් සදාහරිත වනාන්තර
02. කඳුකර
වනාන්තර
03. උප කඳුකර
වනාන්තර
04. තෙත්
මෝසම් වනාන්තර
05. වියළි
මෝසම් වනාන්තර
06. ගංගාධාර
ආශ‍්‍රිත වනාන්තර
07.කඩොලාන
වනාන්තර
08. ලඳු කැළෑ
නිවර්තන තෙත් සදාහරිත වනාන්තර (පතහරට වැසි වනාන්තර)
වාර්ෂික වර්ෂාපතනය
මිලි මීටර් 2500 කට වඩා
වැඩි මුහුදු මට්ටමේ සිට උස මීටර් 1000 ක් පමණ උස් වූ වියළි කාලගුණයක් රහිත ප‍්‍රදේශ වල වැවෙන වනාන්තර අයත්
වන්නේ මෙම වර්ගයටයි.මෙම වනාන්තර පිහිටි ප‍්‍රදේශ වල සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ්
අංශක 25ට වඩා
අඩුයි. සාපේක්ෂ ආර්ද්‍රතාවය 75%
- 85% ක් වන
අතර, පාංශු
වර්ගය ද රතු, කහ
පොඩිසොලක්, වෙනවා. ප‍්‍රධාන
වශයෙන් පහත රටත් මැද රටත් ව්‍යාප්තව තිබූ මෙම වනාන්තර වතු භෝග වගාව සහ
ජනාවාසකරණය නිසා විනාශ වෙමින් පවතිනවා. මෙම වනාන්තර වල ශාක විවිධ මට්ටම් වලට
වැඩෙනු දකින්නට පුළුවනි. ස්ථරීභවනය පැහැදිලිව දක්නට ලැබෙන අතර ප‍්‍රධාන වශයෙන්
ස්ථර 5 කට වෙන්
කළ හැකියි. වඩාත්ම උස ශාක මීටර් 45 ක් තරම් උසට වැඩෙන අතර ඒවා තැනින් තැන දක්නට ලැබෙනවා. නෙරු ස්ථරයට
පහළින් දැකිය හැක්කේ එකිනෙකට ඉතා ළඟින් පිහිටි තුරු මුදුන් සහිත මීටර් 30 ක් පමණ උසට වැඩෙන වියන් ස්ථරයයි. හැඩවක, කිරිහැඹිලිය, බටු නා, වැලිපින්න , මලබොඩ යන
ශාක විශේෂ වියන් ස්ථරයේ දැක ගත හැකියි. වියන් ස්ථරයට පහළින් තිබෙන්නේ යටි
වියනයි. ඊටත් පහළින් පඳුරු ස්ථරයක් ද පිහිටා තිබෙනවා. අවසාන වශයෙන් අකාෂ්ඨිය
පැළෑටි, පර්නාංග, පෙඳ, හා පාසි වලින් යුත් බිම් වැස්ම හෙවත් යටි වගාව දකින්නට පුළුවනි. මීට
අමතරව උස ශාක මත වැඩෙන අපි ශාක ද ගස්වල එතී වැඩෙන වැල් වර්ග ද සුලභයි. ශාක
සංගමයන් කිහිපයක් ම මෙම වනාන්තර තුළ දක්නට ලැබෙනවා. ශාක සංගමයක් වශයෙන්
හඳුන්වන්නේ වනාන්තර තුළ වැඩෙන ශාක විශේෂ කිහිපයක එකතුවකි. ප‍්‍රධාන වශයෙන් දක්නට
ලැබෙන ශාක සංගමයන් වන්නේ,1. හොර ශාක
සංගමය2. බෙරලිය
ශාක සංගමය3. ආරිද්ද
ශාක සංගමය4. මිල්ල, දියපර, හැඩවක, වැලිපියන්ත
ශාක සංගමයපහත රට වැසි වනාන්තර වලට වසර පුරා ලැබෙන අධික වර්ෂාපතනයත්, පවතින ප‍්‍රශස්ථ උෂ්ණත්ව පරාසයත් නිසා
ශාක සහ සත්ව විශේෂ වලින් පොහොසත්ම, වැඩිම ජෛව විවිධත්වයක් දැකිය හැකි වනාන්තර වර්ගය වන්නේ එයයි. ජෛව
විවිධත්වය අතින් වඩාත්ම වැදගත් සේම ජල පෝෂක ප‍්‍රදේශයන් ලෙසද මෙම වනාන්තර වැදගත්
වෙනවා. කන්නෙලිය, විහාරකැලේ, නාකියාදෙනිය, සහ සිංහරාජ යන වනාන්තර මීට උදාහරණයි. ශ‍්‍රී
ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 2.14% ක මෙම
වනාන්තර වර්ගය පැතිරී තිබෙනවා.
කඳුකර වනාන්තර
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1800 කට වඩා වැඩියෙන් ලැබෙන මුහුදු මට්ටමින් මීටර් 1500 වඩා උස ප‍්‍රදේශ වල දක්නට ඇති කැලෑ, කදුකර වනාන්තර ලෙසින් නම් කරන්න
පුළුවනි. මෙම ප‍්‍රදේශ වලට ජලය හිඟ කාලයක් දක්නට නොමැති අතර, සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15 ක් පමණ වෙනවා. මෙම වනාන්තර වර්ගයේ ප‍්‍රමුඛ
ශාක උස මීටර් 10 – 15 ක් පමණ
වන අතර කඳ සහ අතු ඇඹරුණු සහ ගැට සහිත ස්වරූපයක් පෙන්වයි. ගස් මුදුන් පැතලි වන
අතර පත‍්‍ර සිහින්ය. පැහැදිලි ස්ථරීභවනයක් දක්නට නැහැ. වියන් ස්ථරයකුත් ඊට යටින්
පිහිටි කුඩා ශාක සහිත පඳුරු ස්ථරයකුත් දකින්නට ලැබෙනවා. වියන් ස්ථරයේ බහුලව
දකින්න ලැබෙන ශාක ලෙසින් තිත්ත වෙරළු, හොඳ වෙරළු, මහනවර, වල්සු, කීන, කුරුදු, මහරත්මල්, වැනි ශාක නම් කරන්න පුළුවනි. පඳුරු ස්ථරයේ දක්නට ලැබෙන ශාක ලෙසින් නෙලු, කටු උණ යන පඳුරු වර්ග සහ අපිශාක, ලයිකන සහ ඕකිඩ් වර්ග හඳුන්වන්න
පුළුවනි.කඳුකර වනාන්තර විශාල ප‍්‍රමාණයක් තේ වැවීමත්. ඉන්පසු අර්තාපල් වැවීමත්
සඳහා එළි කිරීම නිසා විනාශයට පත් වී තිබෙනවා. හග්ගල, පිදුරුතලාගල, කිකිලියාමාන, මීපිලිමාන වැනි ප‍්‍රදේශයන්හි පිහිටි
වනාන්තර අයත් වන්නේ මෙම වර්ගයටයි. රටේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.05% ක් පමණ ප‍්‍රදේශයක මෙම වනාන්තර වර්ගය
විහිදී විසිරී පවතිනවා.
උප කඳුකර වනාන්තර
මුහුදු මට්ටමින් මීටර් 1000
ත් 1500 ත් අතර
පිහිටි වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1800 කට වඩා අඩුවෙන් ලැබෙන ප‍්‍රදේශ වල පැතිරී ඇති වනාන්තර අයත් වන්නේ මෙම
වර්ගයටයි. මෙම ප‍්‍රදේශ වල සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15 – 20 ත් අතර වෙනවා. මෙම වනාන්තර ද වතු වගාව, එළවළු සහ අර්තාපල් වගාව සඳහා එළි කිරීම
නිසා දැඩි ලෙස විනාශ මුඛයට පාත‍්‍ර වී තිබෙනවා. දිවයිනේ ප‍්‍රධාන ගංඟා කීපයක්
පටන් ගන්නා ජල පෝෂක ප‍්‍රදේශය ලෙස සහ ජෛව විවිධත්වය අතින් මෙම වනාන්තර ඉතා
වැදගත් ස්ථානයක් උසුලනවා. සමනළ කඳු වැටියේ ඇත්තේ උප කඳුකර වනාන්තර ලක්ෂණ වන අතර
ශ‍්‍රී ලංකාවේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 1.04% ක් උප කඳුකර වනාන්තර වර්ගයට අයත්
වෙනවා. ගුරුද, උබ්බේරිය, ගුරුකීන, සුදු කුඩුම්බේරිය, හන්පලන්ද, දුන් වර්ග, දොඹ වර්ග, බහුලව දක්නට ලැබෙන ශාක වර්ගයි.
තෙත් මෝසම් වනාන්තර
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1800 සිට 2500 ක් දක්වා සහ මුහුදු මට්ටමේ සිට උස මීටර් 1000 ට වඩා පහළ ප‍්‍රදේශ වල ඇති වනාන්තරයි මීට අයත් වෙන්නේ. ඉහළම වර්ෂාපතනය
ඔක්තෝබර් සිට ජනවාරි මාස වලදී ලැබෙන අතර ඉන් පසු මාස 3 ක් කැපී පෙනෙන වියළි කාලයක් තිබෙනවා.
බහුලව දක්නට ලැබෙන ශාක විශේෂ අතර වල් දෙල්, මිල්ල, පිහිඹිය, වෙලන්, මොර, හුලංහික්, වැනි ශාක අයත් වෙනවා.මෙම වනාන්තර වලින්
වැඩි ප‍්‍රමාණයක් එළිකර ජනාවාස හා කෘෂිකාර්මික යෝජනා ක‍්‍රම සඳහා ප‍්‍රයෝජනයට
ගෙන තිබෙනවා. කුරුණෑගල, මොණරාගල, ආදී ප‍්‍රදේශ වල මෙම වනාන්නතර දකින්න
පුළුවනි. ශ‍්‍රී ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 3.68% ක් වැසී ඇත්තේ මෙම වනාන්තර වලිනි.
වියළි මෝසම් වනාන්තර
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1000 සිට 1800 ත් අතර සහ මුහුදු මට්ටමේ සිට උස මීටර් 6000 ට වඩා උස අඩු ප‍්‍රදේශ වල වැවෙන වනාන්තර වර්ගයි මීට අයත් වන්නේ. වැඩිම
වර්ෂාපතනය ඔක්තෝබර් සහ ජනවාරි මාස වලදී ලැබෙන අතර මාස 3 සි 6 දක්වා කැපී පෙනෙන වියළි කාලයක් පවතිනවා. මෙහි කැපී පෙනෙන ස්ථරීභවනයක්
දක්නට ලැබෙන්නේ නැහැ. වියන් ස්ථරය මීටර් 20 සිට 25 දක්වා
උසින් පිහිටන අතර වියන් ස්ථරයෙන් මීටර් 3 ක් පමණ උසට අතරින් පතර වැඩෙන ශාක දකින්න පුළුවනි. වියන් ස්ථරයෙන් ඉහළට
වැඩෙන පතනශීලී ශාක ලෙසින් බුරුත,
මිල්ල, හල්මිල්ල, නම් කළ හැකියි. වීර,
කළුවර, පලු, වෑවරණ වැනි ශාක වියන් ස්ථරයේ බහුලව දකින්නට ලැබෙන ශාකයි.මෙම වනාන්තර
නොඉඳුල් වනාන්තර නොවන අතර අද දක්නට තිබෙන්නේ මීට වසර 400 – 500 කට පෙර එළි කිරීමෙන් අනතුරුව නැවත ඇති
වූ වනාන්තරයි. මුළු බිම් ප‍්‍රමාණයෙන් 16.45% ක් පමණ වන මෙම වනාන්තර ජෛව විවිධත්වය
හා ඒක දේශීයත්වය අතින් එතරම් වැදගත්කමක් පෙන්වන්නේ නැහැ. අපිශාක, පාසි, පර්නාංග, දකින්න
ලැබෙන්නේ නැහැ. වටිනා දැව වර්ග ලබා ගැනීම පිණිස එළි කරන ලද මෙම වනාන්තර පිහිටි ප‍්‍රදේශ
වල, වන
සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නැවත වන වගා කර තිබෙනවා.
|
ගංඟාශ‍්‍රිතව පිටාර තැනි වල සහ ගංගා නිම්න වල විසිරී ඇති
වනාන්තර ගංගාධාර වනාන්තරයි. බොහෝමයක් ගංගාධාර වනාන්තර මුහුදු මට්ටමින් මීටර් 600 වඩා උස අඩු හා වාර්ෂික වර්ෂාපතනය
මිලිමීටර් 1000 ත් 1800 ත් අතර ප‍්‍රදේශ වලයි පැතිරී තිබෙන්නේ.
කුඹුක්, මී, කොට්ටන්, ගැටුඹ, නා ආදී
ආවේණික ශාක විශේෂ මෙහි දක්නට ලැබෙනවා.
|
කඩොලාන වනාන්තර
වෙරළාශ‍්‍රිත කළපු, ගංමෝය වල අන්තර් උදම් කලාපයේ වගුරු බිම් හි වැඩෙන අධික ලවණතාවයට අනුවර්තී
සදාහරිත ශාක ප‍්‍රජාව හඳුන්වන්නේ කඩොලාන යනුවෙනි. පාරිසරික සහ ආර්ථික වශයෙන්
වැදගත් මෙම කඩොලාන ප‍්‍රජාව ලංකාවේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 0.13% ක එනම්, හෙක්ටයාර 10,000 ක පමණ ප‍්‍රදේශයක පැතිරී පවතිනවා.කළපු, ගංමෝය වල වැලි ගොඩ දැමීම, ඉස්සන් කොටු තැනීම, කොරල්පර කැඩීම, අනවසර ලෙස ඉඩම් අල්ලාගෙන හෙළි කිරීම ආදිය නිසා මෙම වනාන්තර දැඩි ලෙස විනාශ
වී තිබෙනවා මෙම පරිසර පද්ධතිය මඟින් වෙරළ ඛාදනයෙන් ආරක්ෂා කිරීම, කළපු ගංමෝය ඛාදනය වැළැක්වීම, මසුන් පක්ෂීන් හා වෙනත් බොහෝ ජලජ ජීවීන්ගේ ප‍්‍රජනනයට
හා වර්ධනයට සුදුසු උපස්ථරයක් සැපයීම වැනි පාරිසරික වැදගත් රාශියක් මෙහි තිබෙනවා.කඩොලාන
ශාක ප‍්‍රජාව, සත්‍ය කඩොලාන සහ ආශ‍්‍රිත කඩොලාන යන ශාක කාණ්ඩ
දෙකකින් යුක්තයි.කයිරු මුල්, කරු මුල්, දණහිස් මුල්, ආදී මුල් වල දක්නට ලැබෙන විවිධ අනුවර්තනත් ශුෂ්ක රූපී අනුවර්තන ඇති පත‍්‍රත්, ජලාබුජ, ප‍්‍රරෝහණය සහිත බීජ හට ගැනීමත් කඩොලාන ශාක ප‍්‍රජාවක දැකිය හැකි සුවිශේෂී
ලක්ෂණයි. ආශ‍්‍රිත කඩොලාන යන්නෙන් අදහස් කරන්නේ කඩොලාන ශාක සමගම වැඩෙන කඩොලාන නොවන
අනෙකුත් ශාකයි.බහුලව දකින්න ලැබෙන සත්‍ය කඩොලාන ශාක විශේෂ ලෙසින් කඩොල්, කිරල, කෑරන්කොකු, මල් කාඩොල්, ගිං පොල්, තෙල, කටු ඉකිලි, හඳුන්වන්න පුළුවනි. වල් ගුරුඩ, ගොන් කදුරු, දිය වවුල් සහ මුදු කෙයියා බහුලව දකින්න ලැබෙන ආශ‍්‍රීත කඩොලාන
ශාකයි.පාරිසරික වශයෙන් ඉතා වැදගත් කමක් උසුලන කඩොලාන ශාක ප‍්‍රජාව ආරක්ෂා කරගත
යුතුව තිබෙනවා. ඒ අනුව 1991 දී කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර කඩොලාන ප‍්‍රදේශ 22 ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් සංරක්ෂණ වනාන්තර ලෙස
කඩොලාන වනාන්තර 14 ක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
|
|
|
|
|
No comments:
Post a Comment